වාහන ආදායම් බලපත්‍රය අළුත් කිරීම.

    වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ඉදිරිපත් කළ යුතු ලියවිලි

  • වලංගු රක්ෂණ සහතිකය(වාහනයට අදාල)
  •  නිකුත් කළ දින සිට දින 60 නොඉක්මවූ වායු විමෝචන සහතිකය(දුම් සහතිකය)
  •  බස්නාහිර පළාත තුල ලියාපදිංචි ගරාජයකින් හෝ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ශ්‍රී ලංගම ඩිපෝවකින් හෝ මෝටර් රථ ප්‍රවාහන දොපර්තමේන්තුව නිකුත් කළ සහතික කරන ලද වලංගු  යෝග්‍යතා සහතිකය (අදාල පරිදි)
  • මගී ප්‍රවාහන මාර්ග බලපත්‍ර හිමි වාහන සඳහා අදාළ ආයතන මගින් නිකුත් කරන ලද  වලංගු මාර්ග බලපත්‍රය (Route Permit)
  • පිට පළාතක සිට බස්නාහිර පළාතට මාරු වී ඇති වාහනයක් නම් එම පළාතෙන් අවසන් වරට ලබාගත් ආදායම් බලපත්‍රය හෝ එම පළාතෙන් නිකුත් කර ඇති නොබැඳි පිටපත. 
  •  වෙන්දේසියකින් මිලදී ගත් රජයේ වාහනයක් නම්, වාහනය මිලදි ගත් ලියවිලි මුදල් ගෙවූ රිසිට්පත් හා පවරනු ලැබූ ලියවිලි.
  •  ලියාපදිංචි තත්ත්වයේ පවතින වාහන සඳහා පළමු වරට බලපත්‍ර ලබා ගැනීමේදී (යෝග්‍යතා සහතිකය/ දුම් සහතිකය අවශ්‍ය නොවේ.)
  • හයිබ්‍රිඩ්(Hybrid) / විදුලි (Electric/ Lp ගෑස් / 1975 ට පෙර ලියාපදිංචි කළ වාහන සඳහා වායු විමෝචන සහතිකය (දුම් සහතිකය) අවශ්‍ය නොවේ.

තනි හෝ හවුල් ව්‍යාපාර නාම ලියාපදිංචිය

 තනි හෝ හවුල් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම
අවශ්‍ය සුදුසුකම්
    • කොට්ඨාශය තුල ක්‍රියාත්මක වන නීත්‍යානුකූල ව්‍යාපාරයක් ළුීම.
    • තාක්ෂණික පදනමක් අවශ්‍යවන අවස්ථාවකදී අදාල සුදුසුකම් සපුරා තිබීම

අවශ්‍ය ලේඛණ
    • ඉල්ලීමේ ලිපිය/නියමිත ඉල්ලුම්පත්‍රය
    • ග්‍රාම නිලධාරී වාර්තාව

සුදුසුකම් සනාථ කරන ලියවිලි
    • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වාර්තාව(ආහාර සම්බන්ධ ව්‍යාපාර සදහා)
    • පරිසර නිලධාරී වාර්තාව (පරිසර බලපෑම් ඇති ව්‍යාපාර සදහා)
    • ඖෂධවේදී සහතිකය (ඖෂධ සම්බන්ධ ව්‍යාපාර සදහා)
    • අධ්‍යාපන ආයතන සදහා අධ්‍යාපන සුදුසුකම් සනාථ කරන ලියවිලි
    • ව්‍යාපාරික කටයුතු වල ස්වභාවය අනුව තේ මණ්ඩලය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, සුරාබදු කොමසාරිස්   ,ආරක්ෂක දෙපාර්තමේන්තුව, වැනි ආයතන වල විශේෂ අවසරය
    • ස්ථානයේ අයිතිය තහවුරු කිරීම සදහා ඔප්පු පිටපත් , බදු ඔප්පු  , අවසරය ලබා දීමේ ලිපිය

දැව ප්‍රවාහන බලපත්‍ර

අවශ්‍ය ලිපි ලේඛන

1. ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම ( ඉල්ලීම් ලිපිය)

2. ගස හෙලීම සදහා ලබා ගන්නා ලද හෙලීම් බලපත්‍රය

3. දැව ප්‍රවාහනයේ අරමුණ නිවස සෑදීම නම් අනුමත නිවාස සැලැස්ම

4. මිලදී ගත් දැව නම් මිල දී ගැනීමට අදාල ග්‍රාම නිලධාරී සහතික කල කුවිතාන්සිය

5. සෑම සතියකම බදාදා දිනය ප්‍රවාහනය සදහා වෙන් කර ඇත

6. බදාදාට ප්‍රවාහනය කරනු ලබන ප්‍රවාහන අයදුම්පත් එම සතියේ සදුදා දිනටවත් ලැබීමට සලස්වන්න

7. නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් ඉදිරිපත් කිරීමේන් ඔබේ කාර්යය කඩිනම් කෙරේ.


        

දැව හෙලීම් සදහා බලපත්‍ර

 අවශ්‍ය කරන ආධාරක ලියකියවිලි

  •  ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිලධාරී නිර්දේශය සහිත සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
  • ග්‍රාම නිලධාරී සහතික කරන ලද දැව කපන ඉඩමේ ඔප්පුව
  • ඉඩම හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත දිවුරුම් ප්‍රකාශය
  • දැව කපන්නේ තමාගේ හෝ තම දරුවකුගේ නිවසක් සෑදීමට නම් අනුමත නිවාස සැලැස්ම
  • දැව කපනු ලබන්නනේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා මුදල් ලබා ගැනීමට විකිණීම සදහා නම් අදාල වෛද්‍ය වාර්තා
  • දැව කපන්නේ උසාවි නියෝගයක් මත නම් එහි සත්‍ය පිටපතක්
  • වෙනත් පරිපාලන ආයතනයක් මගින් ඉවත් කිරීම නියෝග කර ඇති ගසක් නම් ඊට අදාල ලිපි
  • විදුලි රැහැන් හෝ දුරකථන රැහැන් වලට අනතුරුදායක නම් ආයතන වලින් ලබා ගත් ලිපි

                   සමග නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත ඉදිරිපත් කරන්න.
   

ව්‍යාපාර වසා දැමීම සදහා බලපත්‍ර නිකුත් කිරීම

      Your text...

පස් කැපීම සදහා අවසර දීම

පස් කැපීම සදහා අවසර දීම
(පස් කියුබ් 35 ක් සදහා පමණි)

අවශ්‍ය ලියවිලි

1.    අදාල අයදුම්පත ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතුයි
2.    ඉල්ලීමේ ලිපිය
3.    පස් කපන ඉඩම හිමි අයගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
4.    සවිස්තර ග්‍රාම නිලධාරී වාර්තාවක්
5.    පස් කැපීමට නියමිත ඉඩමේ ඔප්පුවේ ඣායා පිටපත
6.    අවශ්‍යතාවය නිවසේ අත්තිවාරම ගොඩ කිරීමට නම් නිවසේ අනුමත සැලැස්මේ ඡායා පිටපත

පිළිවෙල
•  ඉහත ලියවිලි ගොනුගත කර ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම
•   සහකාර ප්‍රදේශීය ලේකම් /පරිසර නිලධාරී ලවා ඉඩම පිළිබද ස්ථානීය පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා   ගැනීම.
•    ඉහත වාර්තා නැවන ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම
•    ප්‍රාදේශීය ලේකම් අනුමැතිය ලැබීමෙන් පසුව නියමිත මුදල් අය කිරීම
•    අදාල කොන්දේසි සදහන් කර පස් කැණිම හා ප්‍රවාහනය සදහා බලපත්‍ර ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රදේශීය කම් අත්සන් කර අයදුම්කරුට ලබා දිය යුතුය.
•    පස් කැනීම හා ප්‍රවාහනය සිදු කිරීම සදුදා , බදාදා , සිකුරාදා දින වල පමණක් අවසර දී ඇත

 

News & Events

Scroll To Top