අපගේ දැක්ම
ජනතාව සදහා විශිෂ්ට රාජ්‍ය සේවාවක්.අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම , සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.හෙක්ටයාර 6274 (ව.කි.මී.62.74) ක විශාලත්වයකින් යුතු මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට කලුතර දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රමාණයෙන් 4.2 % පමණ අයත් වේ.
වයඹ , උතුර හා ඊසාන දිශා වලින් හොරණ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයද , නැගෙනහිර හා ගිණිකොණ දිශාවෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද , දකුණු දිශාවෙන් මතුගම , බුලත්සිංහල හා දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මායිම් හමුවන සේද , නිරිත දෙසින් දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද , බටහිර දිශාවෙන් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද මගින් මායිම් වන පරිදි කලුතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථ පිහිටීමක පවතී.
කොට්ඨාශයේ ගිනිකොණ දිග සිට නැගෙනහිර දක්වා මායිම්වන පරිදි ගලන ගල්වක් ඇල, ඊසාන සිට නැගෙනහිර දෙසට මායිම ඔස්සේ ගලන කළු ගගට නැගෙනහිර මායිමේදී එක්වන අතර , කළු ගග කොට්ඨාසය හරහා බටහිරට ගලා බසී.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩි බිම් ප්‍රමාණයක් මීටර 2 ට අඩු පහත් තැනිතලා බිම් වලින් යුත් අතර , කළු ගගේ පිහිටීම හේතු කොට ගෙන අධික වර්ෂාව පවතින කාල පරිච්ජේද වලදී භූමිය වතුරෙන් යටවේ. දකුණු ගිනිකොණ දිශාවේ ප්‍රදේශවල කදුකර ලක්ෂණ පැවතුනද එම බිම් මීටර 200 ට වඩා අඩු උන්තාංශයකින් යුක්ත වේ.
හොරණ සිට කළුතර , අගුරුවාතොට හා බුලත්සිංහල යන මාර්ගයද , කෙසෙල්හේනාව අගුරුවාතොට මාර්ග හා තෙබුවන - නෑබඩ යන මාර්ග මෙම කොට්ඨාසය හරහා වැටී ඇති ප්‍රධාන මාර්ග වේ.
අප්‍රධාන මාර්ග රාශියක් පවතින අතර , ප්‍රධාන පරිපාලන කාර්යාලය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මදුරාවල පිහිටයි. අප්‍රධාන නගර ලෙස බැල්ලපිටිය , කදන , යාල , වරකාගොඩ හා කෙසෙල්හේනාව හැදින්විය හැක.
ඉතිහාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආරම්භයේදී මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බෙදා වෙන් කර නොතිබූ අතර , 1982 වර්ෂයේදී හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කළු ගගට උතුරින් කොටසක් හා බුලත්සිංහල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොටසක් ලෙස මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන් කර ඇත.
එම වෙන් වූ කොටසට පැරණි ග්‍රාම නිලධාරී වසම් 10 ක් තිබූ අතර නව බෙදීම් වලදී තිබූ වසම් වල විශාලත්වය අඩු කර , ග්‍රාම නිලධාරී වසම් 33 කට බෙදා වෙන් කර ඇත.
කුඩාම ග්‍රාම නිලධාරී වසම , හෙක්ටයාර් 32 ක විශාලත්වයෙන් යුත් එලවැල්ල වන අතර විශාලම ග්‍රාම නිලධාරී වසම හෙක්ටයාර 401.5 පමණ විශාලත්වයකින් යුතු වරකගොඩ දකුණ වේ.
| නම | සිට | දක්වා |
| ටී.ජී.ආරියදාස මහතා | 1987 | |
| ඩී.ටී.ඉලේපෙරුම මහතා | 1987 | |
| ජී.එස්.කේ.කන්නන්ගර මහතා | 1988 | |
| පී.ඩී.ජයනෙත්ති මහතා | 1990 | 1992 |
| කේ.ඩී.පියසේන මහතා | 1993 | 1998 |
| කේ.ලයනල් පෙරේරා මහතා | 1998 | 2001 |
| එම්.ඒ.සුනිල් වීරසිංහ මහතා | 2001 | 2002 |
| කේ.චන්ද්‍රෙස්න මහතා | 2002 | 2007 |
| එම්.එක්.සෝමතිලක මහතා | 2007 | 2009 |
| එම්.ඒ.ටී.සෙනරත් මහතා | 2009 | 2010 |
| බී.ඒ.එම්.පී.අබේරත්න මහත්මිය |
2010 |
2015 |
| සමන්තිකා පී ලියනගේ මහත්මිය | 2015 | 2017 |
| දිස්නා ජයසිංහ මහත්මිය | 2017 | 2022 |
| බී.ඒ.එස්. උදයංගනී මහත්මිය | 2022 | මේ දක්වා |
















