Warakagoda Gallena Raja Maha Viharaya

ගල්ලෙන රජ මහා විහාරය - වරකාගොඩ

 මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වරකාගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ  පිහිටා ඇත. මහාවංශ තොරතුරු වලට අනුව ගල්ලෙන් විහාරය පොළොන්නරු යුගයට අයත් වූවක් යැයි සැලකේ. එහි සඳහන් තොරතුරු වලට අනුව පස්යොදුන් රට බල කොටුව පිහිටියේ කුමන පෙදෙසක ද යැයි ස්ථිරවම සදහන් වි නැතත් එය පස්දුන් කෝරළයේ ගඟබඩ පත්තුවේ වරකාගොඩ ග්‍රාමයේ පිහිටා තිබූ බව විවධ සාධක හා පුරාවෘත්ත තොරතුරු සපයයි.  මෙම විහාරස්ථානයේ  ඇති කටාරම් සහිත ගල්ලෙනෙහි ද  පුරාණයේ රහතන් වහන්සේලා වැඩසිටි  බවට සාධක ඇතැයි ඇතැමුන් මත පලකරයි. විහාරස්ථානයේ ඉදිකර ඇති කුඩා වැව ඉස්මත්තේ පිහිටා ඇති තවත් කුඩා ප්‍රමාණයේ ගල්ලෙනක ද මෙවැනි කටාරම් දැකිය හැකිය. බැළුම්ගල, වස්තුගල, කොඩිගල යන ඓතිහාසික වශයෙන් වැදගත් කමක් උසුලන පර් වත සමූහයක් ද දක්නට ලැබේ. විහාර ගෙය ඉදිරිපිට පිහිටා ඇති රමණිය වැව විහාරස්ථානයේ සුන්දරත්වය වඩාත් ඉස්මතු කර පෙන්වයි. 1946 දී විහාරස්ථානයේ වැඩ අවසන් කර ඇති බව සඳහන් වේ. විහාරස්ථානයේ ඇති දහ අට රියන් සැතපෙන පිළිමය මානාභරණ කුමරුන් විසින් තනවන්නට ඇතැයි  ද විශ්වාස කෙරේ. මෙම විහාරස්ථානයේ චිත්‍ර එම්.සර් ලිස් මහතා විසින් මූරතිමත් කර ඇත. පස්දුන් රට නව කලාගාරයක් බදු මෙම ලෙන් විහාරයෙහි නිර්මාණයන්හි උඩරට සම්ප්‍රදාය හා කොළඹ යුගයේ නූතන කලා සම්ප්ර දාය එක්තැන් වී ඇත.  විහාරයේ ඇති විශ්ණු ,කතරගම දේවාලයන්හි ඇති බිතු සිතුවම් මහනුවර යුගයට අයත් බව සැලකේ.  මෙම විහාරස්ථානය තුළ චෛතය, බෝධි ප්‍රාකාරය, පිළිම ගෙවල්, ශෛලමය තෙමහල් ධර් ම ශාලාව, පුස්තකාලය, සංඝාවාස, පැන් පොකුණ ,පස්ගම් දේවාල, සීමා මාලක ආදී විහාරාංග ඉදිකර ඇත.

20240606 123041     20240606 122957                       

 

 20240606 123911     20240606 124356

 

    20240606 124442   20240606 122339

 

Keselhenawa Rajamaha Viharaya

කෙසෙල්හේනාව රජමහා විහාරය

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙසෙල්හේනාව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ  පිහිටා ඇත. දෙවන පරාක්‍රමබාහු රජුගේ ඇමතිවරයකු ලෙස සැලකෙන දේවපතිරාජ අමාත්‍යවරයා විසින් මෙම විහාරය ඉදිකරවා ඇති බව පැරණි පොතපතෙහි සඳහන්ය. විහාරයේ ලෙන තුළින් හමුවන අඩි 4,1/2 ක් උසින් සහ අඩි 4ක් පළලින් යුතු සෙල්මුවා පැරණි බුද්ධ ප්‍රතිමාව මෙහි විශේෂත්වයයි. මෙම ප්‍රතිමාව තනා ඇති ගල් විශේෂය තිරුවානා වැනි හුණු ගල් වර් ගයක් වන අතර,එවන් අමු ද්‍රව්‍ය මෙම ප්‍රදේශයෙන් හමු නොවේ. සෙනරත් පරණවිතාන ශූරීන්ගේ අදහස මෙම ප්‍රතිමාව පොළොන්නරුවෙන් ගෙනෙන්නට ඇති බවකි. මෙම ප්‍රතිමාවේ මතුපිට මහනුවර යුගයේ කලා ලක්ෂණ පෙන්නුම් කරන අතර   බුද්ධ ශරිරය වටා ඇති රැස්වලල්ලෙහිද එම ලක්ෂණ දැක්වේ.තවද ලෙන් විහාරයේ පැති දොරක දැකිය හැකි සිතුවම් ද නුවර යුගයට අයත් ඒවා යයි සැලකේ.මෙම දොරෙහි සිතුවම් කර ඇති කොඩිය රයිගම් කෝරළ කොඩිය ලෙසද සැලකේ.විනාශ වී ගිය නටඹුන් රාශියක් විහාරස්ථාන භූමිය පුරා විසිරී පවතින අතර, ගරා වැටී ගිය දාගැබක කොටස් ද පැරණි විහාරයක අඩිතාලමේ කොටස් ද ඒ අතර දැකිය හැකිය. තව ද මුරගල් හා පාදම් ගල් විශාල ප්‍රමාණයක් තිබී ඇති අතර, එකී කලා නිර් මාණ වත්මනේ පස අතර සැඟ වී අතැයි සිතිය හැකිය..

 

 

Werawaththa Purana Sri Maha Wiharaya

වේරවත්ත පුරාණ ශ්‍රී මහා විහාරය.

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේරවත්ත ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත.වෙහෙරවත්තේ හත්ලන්කන්ද පුරාණ ශ්‍රී මහා විහාරය ලිඛිත සාධක නොමැති වුවද වෙහෙරවතු සඟ පරපුරේ මූලස්ථානය ලෙසටද, දැනට පුරා විද්‍යා භාරයේ පවතින පැරණි විහාරය වසර 130ක් පමණ පැරණි සිද්ධස්ථානයක් බව සැලකේ. නව විහාරය බෝධි ප්‍රාකාරය සහ ස්තූපය,පැරණි තෙමහල් ධර් මශාලාව වසර 100ක් පමණ පැරණි බව සැලකේ.

Ganeuda Purana Rajamaha Viharaya

ගනේඋඩ පුරාණ රජමහා විහාරය

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වරකාගොඩ නැගෙනහිර අංක 816 ග්‍රාම නිලධාරී වසමේ  පිහිටා ඇත.පොළොන්නරු යුගයට අයත් යැයි සැලකෙන නටඹුන් ලෙස ස්මාරක කිහිපයක් දක්නට ලැබෙන අතර, අක්කරයක් පමණ භූමි ප්‍රමාණයක් පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස වෙන් කර ඇත.එහි ශත වර් ෂ ගණනාවක් පැරණි බෝධි වෘක්ෂයක් ඇති අතර, ඊට බඹ තුනක් පමණ ඉදිරියෙන් බෝධිඝරයක ආකෘතික ලක්ෂණ දක්වන ගොඩනැගිල්ලක ගල්කණු දක්නට ලැබේ.විහාරස්ථානයේ ඇති නෂ්ඨාවශේෂ තුළින් අනාවරණය වන්නේ මෙම ගොඩනැගිල්ල විහාර මන්දිරයක් වශයෙන් රාජකීය ගෞරවයට පාත්‍ර වූ තැනක් බවයි. මෙම ස්ථානයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව ලැබෙන අතර, පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර් යාලයක් ද පිහිටා ඇත.

Weheragoda Waththa Perani Stuupaya

වෙහෙරගොඩ වත්ත පැරණි ස්තූපය

මදුරාවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වරකාගොඩ බටහිර ග්‍රාම නිලධාරී වසමේ  පිහිටා ඇත.ගනේඋඩපුරාණ විහාරස්ථානයට අයත් යැයි සැලකෙන අතර,විහාරයට උතුරු දෙසින් කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා ඇත. මුදුනත ඔප නොකළ සිරස් අතට සිටවූ  ගල් පුවරු මගින් නිර්මාණය කළ වේදිකාව මත තනා ඇති ගඩොල්මය ස්ථූපය නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව විනාශ වී තිබිය දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින්කැනීම් කර සාදා මුල් ස්වරූපය හා පරිමාණය අනුව සංරක්ෂණය කර ඇත. ස්ථූපයසඳහා යොදා ඇති ගඩොල් පොළොන්නරු යුගයේ නිර් මාන ඉදි කිරීම් සඳහා යොදා ගැනුණු ගඩොල් හා සමාන බවක් ඇති බැවින්, මෙය පොළොන්නරු යුගයේ ඉදිකිරීමක් සේ සැලකේ...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top